අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

මොනිකා බ්‍රෑන්ඩ්ස් විසින් රචිත ලිපි

සියලු දුක්

“මට හමුවන සෑම දුකක්ම මම මනින්නෙමි” කියා 19 වන සියවසේ කිවිඳියක වන එමිලි ඩික්සන් ලීවාය. පටු වූ/ සොයා විමසන ඇස්/ඒවා මගේ මෙන් බරද/නැත්නම් පහසු ප්‍රමාණයක්ද යනුවෙන් ලිවීය. ඒ කවිය ජීවිත කාලය පුරාම සෙනග තමන් ලද තුවාල ඔසවා ගෙන යන අසමසම මාර්ගය පෙන්වන ගලායන ආවර්ජනයකි. ඩික්සන් සැක සහිතව පවසන්නේ ඇයගේ එකම සහනය ගැනයි : එනම් කල්වාරියේදී ගැළවුම්කරුවාණන්ගේ තුවාල වලින් පරාවර්තනය වන…

අපගේ ආරක්‍ෂාවේ ස්ථානය

විශ්‍රාමලත් ගුරුවරියක වන ඩෙබී ස්ටීවන්ස් බ්‍රවුඩර් හැකි තරම් ගස් සිටුවීමට සෙනගව උනන්දු කරවන දූතනයක යෙදී සිටියාය. ඊට හේතුව උෂ්ණත්වයයි. එක්සත් ජනපදයේ මරණවලට අංක එකේ හේතුව වන්නේ දැඩි උෂ්ණත්වයයි. ඊට ප්‍රතිචාර දක්වමින් ඇය පවසන්නේ “මම ගස්වලින් පටන් ගන්නෙමි. ජනතාව රැක ගැනීම සඳහා ගස් උඩු වියනක් ලෙසින් උෂ්ණත්වයට රැකවරණයක් සපයයි. එය ජීවිතය හෝ මරණයයි. එය ජනතාවට අලංකරණයක් සපයනවා පමණක් නොවේ” කියා ඇය…

සිහිනයක් නොවේ

එය ඔබට අවදි විය නොහැකි සිහිනයක ජීවත් වීම වැනි ය. සමහර විට නැවත තේරුම් ගැනීමෙන් හෝ නැවත පුද්ගලිකරණය කිරීමෙන් හෝ බොහෝ විට දැනෙන්නේ තමන් අවට කිසිවක් සැබෑ නොවන බවයි. නිදන්ගතව මෙම හැඟීම ඇති අයට ආබාධයක් ඇති බව හඳුනාගත හැකි වුවද, එය පොදු මානසික සෞඛ්‍ය අරගලයක් ලෙස විශ්වාස කෙරෙන්නේ, විශේෂයෙන් ආතති සහගත කාලවලදීය. නමුත් සමහර විට ජීවිතය යහපත් බව පෙනෙන විට…

වැදගත් දේ සඳහා දිවීම

මගේ මිතුරි අයිරාගේ අලුත් වාර්තා දැක කඳුළු නොහෙලා සිටීමට නොහැකි විය. 2022 දී අන්තර්ජාලයේ මෙම වාර්තාව පළ කරනු ලැබූවේ ඇය යුක්රේනයේ වටලනු ලැබූ අගනුවර වන කීව්හි පිහිටි සිය නිවස හැර ගොස් දින කිහිපයකට පසුවය. එම වාර්තාව බෙදා ගෙන තිබුණේ දිවීමේ ඉසව්වක් සම්පූර්ණ කිරීමෙන් පසු ඇය තම රටේ ධජය ඔසවන අතීත පින්තූරයක්ද සමගය. ඇය මෙසේ ලිවීය, “අපි හැමෝම ජීවිතය නමැති මැරතන්…

නව ආරම්භයක්

“කිතුනු ඇදහීම ආරම්භ වන්නේ අප සිතා සිටි දෙය ඇත්ත වශයෙන්ම බොරුවක් බවට වේදනාකාරී අවබෝධයෙනි,” යනුවෙන් ඉයුජින් පීටර්සන් ගීතාවලිය 120 පිළිබඳ ඔහුගේ පැහැදිලි කිරීම් වලදී ලිවීය. ගීතාවලිය 120 යනු යෙරුසලමට යන වන්දනාකරුවන් විසින් ගායනා කරන ලද “ආරෝහණ ගීතිකා” (ගීතාවලිය 120-134) වලින් පළමුවැන්නයි. පීටර්සන්ගේ තොරතුරු විමසීමේ ක්‍රියාවලියට අනුව, එකම දිශාවකට දිගු කීකරුකමක් පෙන්නුම් කරන අතර මෙම ගීතාවලියන් තුළින් දෙවියන්වහන්සේ වෙතට යන අධ්‍යාත්මික…

ඉදිරියට! නොසැලී

“විවේකය” නමින් හඳුන්වන කාව්‍යයේ කවියා “විවේක” කාලය “වැඩ” වලින් වෙන් කිරීමේ අපගේ ප්‍රවණතාවයට මෘදු ලෙස අභියෝග කරන්නේ “සැබෑ විවේකය / සැබෑ වෙහෙස සමඟ ඇති එකක් නොවේද?” යනුවෙනි. ජීවිතයේ යුතුකම් මග හැරීමට උත්සාහ කිරීම වෙනුවට ඔබට සැබෑ විවේකය අත්විඳීමට අවශ්‍ය නම්, කතුවරයා ඉල්ලා සිටින්නේ, “තවමත් ඔබේ උපරිමය කරන්න; එය භාවිතා කරන්න, එය නාස්ති නොකරන්න, - / නැත්නම් එය විවේකයක් නොවේ. /…

දෙවියන්වහන්සේගේ මෘදු කරුණාව

“සියලු සත්‍යය පවසන නමුත් එය සරල ලෙස පවසන්න,” කියා කවියෙකු වන එමිලි ඩිකින්සන් ලිවීය. දෙවියන්වහන්සේගේ සත්‍යය සහ මහිමය අවදානමට ලක්විය හැකි මිනිසුන්ට එකවරම තේරුම් ගැනීමට හෝ ලැබීමට නොහැකි තරම් “දීප්තිමත්” බැවින්, අපට දෙවියන්වහන්සේගේ කරුණාව සහ සත්‍යය ලැබීමට සහ බෙදා ගැනීමට - මෘදු, වක්‍ර මාර්ග වඩාත් සුදුසු බව යෝජනා කරයි. මන්ද, “සත්‍යය, ඉතා ගැඹුරු වන බැවින් එය ක්‍රමක්ක්‍රමයෙන් බෙදිය යුතුය, නැතහොත්…

අපගේ අනාගතය සඳහා දෙවියන්වහන්සේගේ උපකාරය

මනෝවිද්‍යාඥ - මෙග් ජේ පවසන පරිදි, අපගේ මනස සම්පූර්ණයෙන්ම ආගන්තුකයන් ගැන සිතන ආකාරයටම අපගේ අනාගතය ගැන සිතීමට නැඹුරු වේ. මන්ද? එය සමහර විට “සංනිවේදනයේ පරතරය” යනුවෙන් හැඳින්වෙන දේ නිසා විය හැකිය. අප පුද්ගලිකව නොදන්නා පුද්ගලයන්ට අනුකම්පා කිරීම සහ සැළකිල්ල දැක්වීම දුෂ්කර විය හැකිය. මෙය අපගේ අනාගත අනුවාදවලට පවා බලපෑ හැකිය. එබැවින් ජේ ඇගේ කාර්යයේදී යෞවනයන්ට ඔවුන්ගේ අනාගතය ගැන සිතා බැලීමට…

සත්‍යය වන්නේ නිහතමානිකමයි

දෙවියන්වහන්සේ නිහතමානීකම මෙතරම් ඉහළින් අගය කරන්නේ මන්දැයි එක් දිනක් මෙනෙහි කරමින් සිටි, දහසයවන සියවසේ ඇවිලාහි තෙරේසා නමැති ඇදහිලිවන්තිය හදිසියේම පිළිතුර තේරුම් ගත්තාය: "එනම්, දෙවියන්වහන්සේ උත්තරීතර සත්‍යය වන අතර සත්‍යය වන්නේ නිහතමානිකමයි .... අප තුළ ඇති යහපත් කිසිවක් අපගෙන්ම හට නොගනියි. නමුත්, එය පැමිණෙන්නේ ගංගාවක් අසළ සිටුවන ලද ගසක් මෙන් ආත්මය තුළ පවතින කරුණාවේ ජලයෙන් සහ අපගේ කාර්යයන්වලට ජීවය දෙන සූර්යයාගෙන්"…

යතුර

ඔහුගේ සම්භාව්‍ය පොත වන “ද හියුමන් කන්ඩිෂන්” හෙවත් මනුෂ්‍ය ස්වභාවය යන්නෙහි තෝමස් කීටින් මෙම අමතක නොවන කථාව බෙදා ගනියි. තම නිවසේ යතුර නැතිවූ ගුරුවරයෙක් දෑත් සහ දෙදණ බිම තබා ගෙන තණකොළ අතරේ එය සොයමින් සිටියේය. ඔහුගේ ගෝලයින් ඔහු සොයන බව දුටු විට ඔවුනුත් මෙයට සම්බන්ධ වූ නමුත් අසාර්ථක වූහ. අවසානයේදී ඔහුගේ එක් බුද්ධිමත් ගෝලයෙක් “ගුරුතුමෙනි, යතුර නැති වූයේ කොතැනකද කියා…